රෝගීන් දවස් ගණන් ගෙවල්වල – සෞඛ්‍ය බලධාරීන්ගේ සහයෝගයක් නැහැ -බදුල්ලේ PHIවරු වැඩ වරමින් කියන දේ

රෝගීන් දවස් ගණන් ගෙවල්වල – සෞඛ්‍ය බලධාරීන්ගේ සහයෝගයක් නැහැ -බදුල්ලේ PHIවරු වැඩ වරමින් කියන දේ

කොවිඩ් 19 ව්‍යාප්තිය විධිමත් ලෙස පාලනය කිරීමේ කටයුතු සඳහා මජහන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ට ඌව පළාත් හා බදුල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය බළධාරින්ගේ නිසි සහයෝගයක් නොලැබෙන බවට චොද්නා කරමින් බදුල්ල දිස්ත්‍රික්කයේ සියලූම මහජන සෞඛ්‍ය පරික්ෂකවරු අද (10) ලෙඩ නිවාඩු දමා වැඩ වර්ජනය කර සිටින බව බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති ඩී.එම්.ඒ.ආර්. දිසානායක මහතා පවසනවා.

මේ අනුව දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු 70 දෙනෙක් අද සේවයෙන් ඉවත්ව සිටින බව වාර්තා වනවා.

මේ පිළිබද අදහස් දැක්වූ බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති,

“මේ ගැටළු පිළිබදව පැවැති සාකච්චාවලදී ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමා යහපත් ප්‍රතිචාර දැක්වූවත් ඊට පහළට මෙය ක්‍රියාත්මක වෙන්නේ නැහැ .පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒවා හරිහැටි ක්‍රියාත්මක නොකරන නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලොකු ගැටළුකට මුහුණ දී තිබෙනවා .

මෙය වෘත්තිය අයිතිවාසිකම් ඉල්ලන ක්‍රියාමාර්ගයක් නොවන බව අවාධාරණය කළ දිසානායක මහතා කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සහා විධිමත් ක්‍රියාමර්ගයක් බදුල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කිරීම සදහා සෞඛ්‍ය බලධාරින් ගේ සහයෝගය නොලැබීම නිසා බරපතල ගැටළු මතුව ඇතිබවද පවසනවා.

නිරෝධායනයට කට්ටිය ඉවත්කරනවා. දින 14 වෙනකල් පී.සී.ආර් ‍රිපෝට් එක ආවේ නැතිනම් ඒ අය පී.සී.ආර් රිපෝට් එක එනකල් ගෙවල්වල එහෙමම තියන්න වෙනවා.

මේ අනුව පී.සී.ආර් ප්‍රමාද වීමේ තත්වයක් තියෙනවා .

අපි තමයි බිම්ට්ටමේ ඉන්නේ. ඒ නිසා අපට තමයි ඒ ජනතාව ප්‍රෙෂර් කරන්නේ.

පී.සී.ආර්. කරනකොට එකම ඇම්බියුලන්ස් එකේ පී.සී.ආර් වලට ගෙන්වන්නේ අවධානම් කණ්ඩායම් නේ එකම ඇම්බියුලන්ස් එකේ කණ්ඩායම් ගොඩක් ගේනවා .එතකොට තව කෙනෙකුට යන්න පුළුවන් .

රෝගීන් රෝහල් ගත කිරීමේ ගැටළු තියෙවා .රෝහල් ගත කරන්න බැරිව රෝගීන් දවස් ගණන් ගෙවල්වල ඉන්නවා .”

Share This