
රෝසිට කොළඹ අහිමි වෙයි
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය ඉදිරිපත් නොකරන බව සාගල රත්නායක මහතා පවසනවා.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් අදින් අවසන්වූ නාම යෝජනා භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිටියා.
එහිදී රත්නායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මේ පිළිබඳ වැඩිදුර විස්තර පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ඉදිරියේදී දැනුම් දීමට නියමිතව ඇති බවයි.