රෝහින්ග්‍යා කඳවුරක ගින්නක්
ගිනිකොණදිග බංග්ලාදේශයේ රෝහින්ග්‍යා සරණාගත කඳවුරක ගින්නක් ඇතිව තිබෙනවා.
ජීවිත හානි පිළිබඳ වාර්තා වී නොමැති වුවද, නිවාස සිය ගණනක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මිලියනයකට වඩා රෝහින්ග්‍යා සරණාගතයින් වෙසෙන දිස්ත්‍රික්කයක් වන කොක්ස් බසාර්හි කඳවුරක මෙම ගින්න ඇතිව තිබෙනවා .
සරණාගතයින් භාරව සිටින බංග්ලාදේශ රජයේ නිලධාරියෙකු වන මොහොමඩ් ෂම්සුඩ් ඩූසා පවසා තිබෙන්නේ ගින්න පාලනය කර ඇති බවයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
මේ අතර තවත් කඳවුරක කොවිඩ්-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයක ගින්නක් ඇති ව තිබෙන අතර, කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
පසුගිය මාර්තු මාසයේදී කොක්ස් බසාර් හි ලොව විශාලතම සරණාගත ජනාවාසයක ඇති වූ ගින්නකින් අවම වශයෙන් සරණාගතයින් 15 දෙනෙකු මිය ගිය අතර පැල්පත් 10,000 කට වඩා ගිනිබත් වුණා