
ලංකා සීනි සමාගම සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්
ලංකා සීනි සමාගම ඇතුළු ගල් ඔය, ඇතිමලේ යන සමාගම්වල නිලධාරීන් සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ දී පැවති මෙම සාකච්ඡාවේ දී වර්තමානය වනවිට පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කර තිබෙන බව සඳහන්.
මෙහි දී ඔවුන්ගේ ඉල්ලීම වී ඇත්තේ දැනට පවතින බදු සංශෝධනය කර හෝ මෙරට සිදු කරගෙන යනු ලබන බඩඉරිඟු සහ සහල් මගින් නිෂ්පාදනය කරනු ලබන එතනෝල්වල බලපෑම නවත්වාගැනීමට කටයුතු කර දෙන ලෙසයි.