
ලංගමයේ හිටපු උප සභාපතිට ඇප
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙකු වූ එල්. ඒ විමලරත්න මහතා ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගය කර තිබෙනවා.
කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති නිවෙස තැනූ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (29) ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.