ලංවිම සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

ලංවිම සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක

ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති ක්‍රියාත්මක කර ඇති අකුරට වැඩකි‍රීමේ ක්‍රියාමාර්ග අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන අතර හෙට සිට මෙම විරෝධයේ තුන් වැනි පියවර ක්‍රියාත්මක කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ නව සේවක සංගමය පවසනවා.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රියාවලීන්ට සම්බන්ධවීමෙන් විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බව එම වෲත්තීය සමිතියේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත වික්‍රමරත්න මහතා සදහන් කළා.

අද පැවති මාධ්‍ය හමුවක දී ඔහු පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ පවතින අවිධිමත් යෝජනාවලට විරෝධය පා දින 17ක් තිස්සේ ක්‍රියාත්මක සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් දැඩි කරන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති ඉකුත් සැප්තැම්බර් 04 වැනිදා මධ්‍යම රාත්‍රි 12.00 සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

එහි දෙවැනි පියවර ලෙස පසුගිය 17 සහ 18 දෙදින ලෙඩ නිවාඩු දැමූ විදුලි සේවකයින් කොළඹ කොටුවේ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක ද නිරත වුණා.

මෙවන් පසුබිමක විදුලිබල වෘත්තීය සමිති අද (21) ප්‍රකාශ කළේ සිය අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවත් තිව්‍ර කරමින් අද මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රසම්පාදන ක්‍රියාවලට හා ටෙන්ඩර් පටිපාටිවලට සම්බන්ධවීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව‍යි.

මීට අමතරව හදිසි තත්ත්වයක දී කිසිදු උපදේශයක් නිලධාරීන් ලබා නොදෙන බව ද ප්‍රියන්ත වික්‍රමසිංහ මහතා පැවසුවා.

මෙයට ද රජයේ පාර්ශවයෙන් ප්‍රතිචාර නොදැක් වුවහොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා වෘත්තීය සමිති ක්‍රියා මාර්ග දැඩි කරන බව ද ඔහු සදහන් කළා.

 

 

 

Share This