ලක්ෂ පහක වැටුපක් – කාන්තාවක් හා යහන්ගත වීමට අවස්ථාවක් – ඇය පිළිසිඳ ගතහොත් ලක්ෂ 8ක ත්‍යාගයක්

ලක්ෂ පහක වැටුපක් – කාන්තාවක් හා යහන්ගත වීමට අවස්ථාවක් – ඇය පිළිසිඳ ගතහොත් ලක්ෂ 8ක ත්‍යාගයක්

ඉන්දියාවේ ”All India Pregnant Job service” නමින් සිදුවන සයිබර් වංචාවක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සයිබර් වංචාව සිදුවන ආකාරය තරමක් නොපැහැදිලි බවයි එම වාර්තා සඳහන් කරන්නේ.

අන්තර්ජාලය තුළ ”All India Pregnant Job service’ මගින් පළකරන දැන්වීම්වලට අනුව දරුවන් නොමැති කාන්තාවන් සමග එක්වීමට කැමති පිරිමි පුද්ගලයින්ට ඉතා වටිනා මුදලක් ලබාදෙන බව සඳහන් කර තිබෙනවා.

එහිදී මෙම පුද්ගලයන්ට ලක්ෂ පහක වැටුපක් කාන්තාව සමග ලිංගිකව හැසිරීමට පමණක් ලබාදෙන අතර ඇය පිළිසිඳ ගතහොත් රුපියල් ලක්ෂ 8 ක ත්‍යාගයක් ලබාදෙන ලෙස දැනුම් දී ඇති බව සඳහන්.

මෙම නිවේදනය දකින පිරිමි පුද්ගලයින් ගණනාවක් මේ වන විටත් මෙම වංචාවට හසුව ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම පිරිමි පුද්ගලයන් මෙම වංචාවට ඉතා පහසුවෙන් හසුවන්නේ කාන්තාවක් සමග යහන්ගත වීම වෙනුවෙන් ලබා දීමට පොරොන්දු වන වේතනය ඉතා ඉහළ නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ සම්බන්ධයෙන් මෙතෙක් කර ඇති විමර්ශනවලදී පුද්ගලයින් අට දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ජංගම දුරකථන 9 ක් සහ මුද්‍රණ යන්ත්‍රයක් බිහාර් ප්‍රාන්තයේ පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම මීට සම්බන්ධ තවත් 18 දෙනෙකු සෙවීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

මෙහිදී රැකියාව සඳහා ලියාපදිංචි වීමට අවශ්‍ය නම් රුපියල් 3,102.84ක් ගෙවන දැනුම් දෙනවා.

පසුව අදාළ පුද්ගලයාට ඔහු හා ගැබ් ගැනීමට සිදුවන කාන්තාව පිළිබඳ විස්තර යොමු කරන බවයි සඳහන් වන්නේ.

ඉදිරි සති දෙක තුළදී උසාවි ලියකියවිලි ලබා ගැනීම, ආරක්‍ෂිත තැන්පතු ලෙස, භාණ්ඩ හා සේවා බද්ද ලෙස යන විවිධ වූ දෑ සඳහන් කරමින් රුපියක් 60,000 අධික මුදලක් අය කර ගැනීම සිදු කරනවා.

කෙසේ වෙතත් මෙහිදී ඔවුන්ට ලබාදීමට පොරොන්දු වන වේතනය ඉතා අධික නිසා බොහෝ දෙනා මේ සඳහා යොමු වන අතර මෙම වංචාවට පහසුවෙන්ම හසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Share This