ලබන මස අගදී ඔමික්‍රෝන්  රැල්ලක් ?

ලබන මස අගදී ඔමික්‍රෝන් රැල්ලක් ?

ඔමික්‍රෝන්  රැල්ලක් ලබන මස අග වනවිට ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

ඔමික්‍රොන් වෛරසයෙන් දරුණු රෝග ලක්ෂණ මතු නොකරන හෙයින් එම රෝගීන්ගෙන්  සියයට අසූවක් පමණ නිවෙස්වලම රඳවා ප්‍රතිකාර ලබාදීමට හැකිවනු ඇතැයිද  ඔහු සඳහන් කර සිටිනවා.

ඔමික්‍රෝන් වෛරසය වේගයෙන් පැතිර යන නමුත් වැඩි පිරිසක් කොවිඩ්  මර්දන එන්නත් ලබාගෙන ඇති හෙයින්  ඉන් සමාජයට ලොකු බලපෑමක් ඇති වනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා  මේ අවස්ථාවේදී ජනතාව තුන්වෙනි මාත්‍රාව කඩිනමින් ලබා ගැනීම ඉතාම වැදගත් බවත් සඳහන් කළා.

බොහෝ පිරිසක් තුන්වෙනි මාත්‍රාව ලබා නොගෙන පැහැර හැර සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් එලෙස  කටයුතු කිරීමෙන් ජීවිත අවදානම වැඩි විය හැකි බවත් අර්ජුන ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

එකම එන්නතක් හෝ ලබා නොගෙන සිටින  පුද්ගලයන් මේ මොහොතේදී එන්නත් ලබා ගැනීමට එන්නත්කරණ  මධ්‍යස්ථානවලට  වහාම යොමුවිය යුතු බවයි මහාචාර්යවරයා පවසන්නේ

මුව ආවරණ පැළඳීම දුරස්ථභාවය පවත්වාගෙන යෑම  යනාදීවූ සෞඛ්‍ය නීති පිළිපැදීම සඳහා ජනතාව වැඩි වැඩියෙන් උනන්දු කළ යුතු වන බවද පහු සඳහන් කර සිටිනවා.

 

Share This