ලබන මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවට ඇමරිකාවෙන් ලැබුණු ඉඟිය

ලබන මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කරනු ඇති බවට ඇමරිකාවෙන් ලැබුණු ඉඟිය

ලබන මාසයේදී රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමේ “පැහැදිලි හැකියාවක්” පවතින බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්රේන ජනාධිපති Volodymyr Zelensky සමඟ පැවති දුරකථන සංවාදයකදී ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බවයි පැවසෙන්නේ .

මේ අතර රුසියාව පවසන්නේ එක්සත් ජනපදය රුසියාවේ ප්‍රධාන ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු අර්බුදය විසඳීමේ “සුභවාදී පදනමක්” දකින බවයි.

මෑත සතිවල යුක්රේන දේශසීමාවේ රුසියානු හමුදා දස දහස් ගණනක් කඳවුරු බැඳ සිටීම ආක්‍රමණයක් පිළිබඳ සැක පළ කරනු ලැබුවා

එමෙන්ම ප්‍රහාරයක් සැලසුම් කරන බව රුසියාව ප්‍රතික්ෂේප කරනවා

“පෙබරවාරි මාසයේදී රුසියානුවන්ට යුක්රේනය ආක්‍රමණය කිරීමේ පැහැදිලි හැකියාවක් පවතින බව ජනාධිපති බයිඩන්  ප්‍රකාශ කළ බව ධවල මන්දිර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශිකා එමිලි හෝර්න් පවසා තිබෙනවා

ඔවුන්ගේ කතාව අතරතුර, ජනාධිපති බයිඩන්  “රුසියාව තවදුරටත් යුක්රේනය ආක්‍රමණය කළහොත් තීරණාත්මක ලෙස ප්‍රතිචාර දැක්වීමට ඇති සූදානම නැවත තහවුරු කළ බව ධවල මන්දිර ප්‍රකාශකයෙක් සඳහන් කරනවා .

සිකුරාදා දිනයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ රුසියාවේ ව්ලැඩිමීර් පුටින් සමඟ තවත් වැදගත් දුරකථන ඇමතුමක් සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This