
ලබන වසරේ සංචාරය කිරීමට ලෝකයේ හොඳම නගර 25 න් එකක් ලෙස යාපනය නම් කරයි
2026 වසරේ දී සංචාරය කිරීමට ලෝකයේ හොඳම නගර 25 න් එකක් ලෙස යාපනය ජාත්‍යන්තරව පිළිගත් සංචාරක මාර්ගෝපදේශකයෙකු වන ලෝන්ලි ප්ලැනට් විසින් නම් කර තිබෙනවා.
මෙම පිළිගැනීම 2025 ඔක්තෝබර් 21 වන දින නිකුත් කරන ලද අතර එහි දැක්වෙන්නේ “Best in Travel 2026” සංස්කරණයේ කොටසක් ලෙසයි.
ලෝන්ලි ප්ලැනට් ඉදිරි වසර තුළ උත්සාහ කිරීමට විශිෂ්ට ස්ථාන 25 ක් සහ අද්විතීය අත්දැකීම් 25 ක් ඉස්මතු කර තිබෙනවා.
ලෝන්ලි ප්ලැනට් හි නව සංචාරක සැලසුම් සේවාව හරහා ලබා ගත හැකි සකස් කරන ලද ගමන් විස්තර මගින් ප්රකාශනයට අනුපූරකවයි මෙම ගමනාන්ත දක්වා ඇත්තේ.
යාපනය තෝරා ගැනීමට ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික හා ඓතිහාසික උරුමයන් අවධාරණය කර ඇති අතර සංචාරක සංවර්ධන උපාය මාර්ගයේ කොටසක් ලෙස කලාපීය විවිධත්වය ප්‍රවර්ධනය කිරීමට රට දරන අඛණ්ඩ උත්සාහයන් ඉස්මතු කර තිබීම විශේෂත්වයක්.
අනෙකුත් සුවිශේෂී ගමනාන්ත සමඟ යාපනය ඇතුළත් කිරීම ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සංචාරක පැතිකඩ සඳහා සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නක්.
පසුගිය ඔක්තෝබර් 22 වන දා මිලාන්හි පැවති මාධ්‍ය හමුවකදී Best in Travel 2026 හි ඉතාලි භාෂා සංස්කරණය නිල වශයෙන් දියත් කරනු ලැබුවා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) නියෝජනය කරමින් මිලාන්හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා සහභාගී වී තිබෙනවා.
උතුරු පළාතේ සංස්කෘතික සුවිශේෂත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා, නියෝජිත පිරිස යාපනයෙන් සාම්ප්‍රදායික කෑම වර්ග කිහිපයක් රැගෙන ගොස් තිබූ අතර, දේශීය රසයන් සමඟ සහභාගිවන්නන් සතුටු කළ බවත් වාර්තා වුණා.
