ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

ලබන සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක්

ලබන (14) සිකුරාදා විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා

ඒ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10)  රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම්වලට අදාළ තීරණය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතව තිබෙනවා

ඒ අනුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව  ගරු අග්‍රාමාත්‍යවරිය විසින් ගරු කථානායකවරයා වෙත කරනු ලබන ඉල්ලීමක් මත මෙම කැඳවීම සිදු කරනු ලබනවා

එසේම 14 වැනිදා මෙම පනත් කෙටුම්පත සළකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස් කිරීමටයි මෙහිදී තීරණය කර ඇත්තේ

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති පසුබිමක ඊට ගරු කිරීමක් ලෙස මැතිවරණය තවදුරටත් ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව මෙහිදී  සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කර තිබෙනවා

මේ අනුව  පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදය ලබන 17 වැනි සදුදා ‍ප.ව 2.00 සිට ප.ව 7.00 දක්වා පැවැත්වීමටත් මෙහිදී තීරණය වූ බවයි පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්වරයා  පැවසුවේ

තවද  විපක්ෂය විසින් පනත් කෙටුම්පතට අදාළව ගෙනෙනු ලබන සංශෝධන පෙබරවාරි 17 වැනිදා පෙ.ව 10.00 ට පෙර ලබාදීමටත් මෙහිදී එකඟත්වය පළ වී තිබෙනවා

මිට අමතරව ජනාධිපතිවරයා විසින් මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස  2025 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ( අයවැය කථාව ඉදිරිපත් කිරීම) පෙර තීරණය කළ පරිදි ලබන 17 වැනි සදුදා ‍පෙ.ව 10.30 ට සිදු කිරීමට නියමිත බවද වැඩබලන මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා

Share This