ලයිබීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් 40කට වැඩි පිරිසක් මරුට

ලයිබීරියාවේ ඉන්ධන ටැංකියක් පිපිරීමෙන් 40කට වැඩි පිරිසක් මරුට

මධ්‍යම ලයිබීරියාවේ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් පෙරළී පුපුරා යාමෙන් පුද්ගලයන් 40කට වැඩි පිරිසක් මියගොස් ඇති බව එරට ප්‍රධාන වෛද්‍ය නිලධාරී Francis Kateh ප්‍රකාශ කර තිබෙනවා .

මොන්රෝවියා අගනුවර සිට කිලෝමීටර් 130ක් පමණ දුරින් පිහිටි Totota නගරයේ මාර්ගයක් ඔස්සේ මෙම ටැංකිය පෙරළී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

අවට සිටි මිනිසුන් ටැංකියෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා එම ස්ථානයට දිව ගිය විගසම එය පුපුරා ගිනිගෙන ඇති බවයි ඇසින් දුටුවන් ප්‍රකාශ කරන්නේ

මියගිය අය අතර ගැබිනි කාන්තාවක් ද සිටි අතර, සමහර සිරුරු පිළිස්සී අළු වී ඇති බව වෛද්‍ය Francis Kateh පවසනවා

තුවාල ලැබූ 83 දෙනෙකුට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති අතර වඩාත් බරපතල තුවාල ලැබූ රෝගීන් ප්‍රතිකාර සඳහා මොන්රෝවියා හි රෝහල් වෙත මාරු කර යවා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා

Share This