ලාංකිකයින්ට ඔක්සිජන් රැගත් “නැව” ඉන්දියාවෙන් පිටත්වෙයි

ලාංකිකයින්ට ඔක්සිජන් රැගත් “නැව” ඉන්දියාවෙන් පිටත්වෙයි

වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොදා ගන්නා ඔක්සිජන් ටොන් 100 ක තොගයක් පැටවු කන්ටේනර් පහකින් සමන්විත නෞකාවක් ඉරිදා (22) වන විට මෙරටට ළඟා වීමට නියමිතව තිබෙනවා

අදාළ ඔක්සිජන් තොගය පැටවූ ඉන්දීය නාවික හමුදාව ට අයත් SLNS ශක්ති නෞකාව ඊයේ (19)පස්වරු 7ට පමණ ඉන්දියාවේ විශාකාපට්නම් වලින් ගමන් ආරම්භ කර තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

මේ අතර ඉදිරි දින හතක පමණ කාලය තුළ ඉන්දියාවේ සිට ඔක්සිජන් ටොන් 300 ට ආසන්න ප්‍රමාණයක් මෙරටට ළඟා වීමට නියමිතයි

මේ අතරට ඉන්දියාවේ බටහිර බෙංගාලයේ හල්දියා (Haldia) සිට ඔක්සිජන් ටොන් 100 සහ චෙන්නායි සිට ටොන් 40 බැගින් වන තොග දෙකක් ද ඇතුළත් වනවා

චෙන්නායි සිට ටොන් 40 එක් ඔක්සිජන් තොගයක් රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් SLNS ශක්ති යුධ නෞකාව මේ සතිය මුලදී චෙන්නායි බලා ගමන් ආරම්භ කරනු ලැබුවා

ඔක්සිජන් වලට අමතරව, කොරෝනාවට එරෙහි එන්නත්කරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා සිරිංජර් ලක්ෂ 45 සැපයීමට ඉන්දියාව මේ වන විටත් කටයුතු යොදා තිබෙනවා

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

 

Share This