
ලාෆ්ස් ගෑස් මිලත් බහී
ලාෆ්ස් ගෑස් සමාගම අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 3,680ක්.
එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1,477ක් බවයි එම සමාගම වැඩිදුරටත් සඳහන් කරන්නේ.