ලැව්ගිනි දුමාරය නිසා කැනඩාවෙන් සහ අමෙරිකාවෙන් නොමිලේ මුහුණු ආවරණ

ලැව්ගිනි දුමාරය නිසා කැනඩාවෙන් සහ අමෙරිකාවෙන් නොමිලේ මුහුණු ආවරණ

කැනඩාවේ පවතින දැඩි ලැව්ගිනි හේතුවෙන් ඇතිව තිබෙන වාතයේ ගුණාත්මක මට්ටම නිසා උතුරු අමෙරිකාවේ මිලියන ගණනක් ජනතාවට නිවසින් පිටව යන සෑම අවස්ථාවකදීම N95 මුහුණු ආවරණ පැළඳීමට උපදෙස් දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

නිව්යෝර්ක් හි මේ වනවිටත් ජනතාවට නොමිලේ මුහුණු ආවරණ බෙදා හැරීම ආරම්භ කර ඇති බවත් මීට සමගාමිව කැනඩාවත් පවසා ඇත්තේ ජනතාවට ගෘහස්ථව සිටීමට නොහැකි නම් මුහුණු ආවරණ පැළඳිය යුතු බවත්ය

අනතුරුදායක දුමාරය සහිත තත්ත්වය සති අන්තය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවද එරට නිලධාරීන් පවසනවා

පදිංචිකරුවන් 15,000 කට වැඩි පිරිසකට එම ප්‍රදේශවලින් ඉවත් වීමට දැනුම් දී ඇති බවද සඳහන් වනවා

Share This