ලැව්ගිනි පාලනය කරමින් සිටි තවත් ගිනි නිවන භටයෙක් මරුට

ලැව්ගිනි පාලනය කරමින් සිටි තවත් ගිනි නිවන භටයෙක් මරුට

කැනඩාවේ පවතින ලැව්ගිනි නිවා දැමීමට උත්සාහ කරමින් සිටියදී තවත් ගිනි නිවන භටයෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

මෙලෙස ලැව්ගිනි නිවා දැමීමට උත්සාහ කරමින් සිටියදී මියගිය තුන්වන ගිනි නිවන භටයා මොහු බවයි පැවසෙන්නේ

බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ බටහිර පළාතේ ශාන්ත ජෝන් කොටුව අසල ඩොනී ක්‍රීක් නමින් හඳුන්වන ලැව් ගින්න මැඩපැවැත්වීමේදී ගිනි නිවන භටයා මිය ගිය බවයි බලධාරීහු පවසන්නේ.

ලැව්ගිනි පාලනය කරගත නොහැකිව පැතිර යන බැවින්, එක්සත් ජනපද දේශසීමාව ආසන්නයේ ජනතාව තවදුරටත් ඉවත් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා

කැනඩාවේ දැනට පවතින ලැව්ගිනිවලින් තුනෙන් එකක් බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ බවත් මේ දක්වා කැනේඩියානු ලැව්ගිනි හේතුවෙන් අක්කර මිලියන 30 ක් පමණ විනාශ වී ඇති බව සඳහන්

මේ අතර වයඹදිග එක්සත් ජනපදයේ වොෂින්ටන් ප්‍රාන්තයෙන් හටගත් ගින්නක් කැනඩාව හරහා පැතිර යාමෙන් පසු දකුණේ ඔසොයෝස් නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස දැනුම්දී තිබෙනවා

Share This