ලැව්ගිනි හේතුවෙන් පළමුවෙන් මිය ගිය දෙදෙනා හඳුනා ගැනේ – 106ක් දක්වා මරණ සංඛ්‍යාව ඉහළට

ලැව්ගිනි හේතුවෙන් පළමුවෙන් මිය ගිය දෙදෙනා හඳුනා ගැනේ – 106ක් දක්වා මරණ සංඛ්‍යාව ඉහළට

හවායි හි Maui ප්‍රාන්තයේ දිවයින පුරා පැතිර ගිය ලැව්ගිනි හේතුවෙන් පළමුවෙන් මිය ගිය දෙදෙනාව නිලධාරීන් විසින් හඳුනාගෙන තිබෙනවා

එරට පොලිස් දෙපාර්තමේන්තුව විසින් පළමු වින්දිතයින් දෙදෙනා ලෙස හඳුනා ගෙන ඇත්තේ 74 හැවිරිදි Robert Dyckman සහ 79 හැවිරිදි Buddy Jantoc යන අයවයි.

මොවුන් දෙදෙනාම ලහයිනා නගරයේ පදිංචිව සිටි අය බවයි පැවසෙන්නේ

ගින්නෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 106ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 1,300 ක් පමණ අතුරුදන් වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මියගිය සංඛ්‍යාව පිළිබඳ නිවැරදි තහවුරු කිරීමකට පැමිණීමට බලධාරීන්ට තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි හවායි ආණ්ඩුකාර ජොෂ් ග්‍රීන් පවසා තිබෙනවා

බලධාරීන් තවත් පුද්ගලයින් තිදෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගේ ළඟම ඥාතීන්ට දැනුම් දෙන බව සඳහන් කරනවා

එක්සත් ජනපද මිලිටරිය සහ වෙරළාරක්ෂක බලකාය ඇතුළුව කලාපයේ පවතින සියලුම ෆෙඩරල් වත්කම් යළි Maui ප්‍රාන්තය ගොඩනැගීම සඳහා භාවිතා කරන බව අමෙරිකානු ජනාධිපතිවරයා පවසනවා

Share This