ලැව්ගිනිවලින් පිටවන දුමාරය නිසා එක්සත් ජනපදයේ ගුවන් ගමන් ප්‍රමාදයක්

ලැව්ගිනිවලින් පිටවන දුමාරය නිසා එක්සත් ජනපදයේ ගුවන් ගමන් ප්‍රමාදයක්

කැනඩාවේ ලැව්ගිනිවලින් පිටවන දුමාරය නිසා අවට පරිසරයේ දෘෂ්‍යතාව සීමා කරමින් පවතින බැවින් එක්සත් ජනපදයේ ගුවන් ගමන් ප්‍රමාද වී තිබෙනවා

ඒ අනුව එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA) විසින් New Jersey හි Newark Liberty ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන සියලුම ගුවන් ගමන් නවතා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

එමෙන්ම නිව් යෝර්ක් හි LaGuardia ගුවන් තොටුපළට සහ Philadelphia ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් ගමන් ද නතර කර ඇති බවද සඳහන්

මේ වනවිට ගුවන් ගමන් 1,000කට වඩා ප්‍රමාද වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඊසානදිග අත්ලාන්තික් සහ ඔහියෝ සිට Philadelphia දෙසට ගමන් කරන ගුවන් යානා නැවත ගුවන් ගමන් ආරම්භ කර ඇති බවද සඳහන්

එක්සත් ජනපදයේ සහ කැනඩාවේ මිලියන සංඛ්‍යාත ජනතාවක් වායු තත්ත්ව අනතුරු ඇඟවීම් යටතේ සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

කැනේඩියානු ගිනි නිවන භටයින් රට පුරා පැතිර යන ලැව්ගිනි 400ක පමණ ප්‍රමාණයක් පාලනය කිරීමට උත්සාහ කරමින් පවතින අතර වාතයේ ගුණාත්මකභාවය පිළිබඳව දෙරටේම සෞඛ්‍ය නිලධාරීන් ජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා

Share This