
ලිංගික අවයව විදේශීය කතකට පෙන්වන්න ගිය පුද්ගලයා අත්අඩංගුවට
මාවතගම පොලිස් බල ප්‍රදේශයට අයත් පරගහදෙනිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ධාවනය කරමින්ම සමාන්තරව ධාවනය වූ ත්‍රිරෝද රථයක සිටි විදෙස් කතකට අසැබි ලිංගික ක්‍රියාවක් සිදු කරන ආකාරයෙන් ඇය අපහසුතාවයට ලක් කරමින් අවිනිතව හැසිරුණු පුද්ගලයා මහනුවර සංචාරක පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් සංචාරක කොට්ඨාසයේ හා මහනුවර මූලස්ථාන පොලිසියේ සංචාර ඒකකය මගින් මෙම සැක කටයුතු ත්‍රිරෝද රථ රියදුරු තමන්ගත් මාර්ගය CCTV මගින් නිරීක්ෂණය කොට ඔහු කටුගස්තොට ප්‍රදේශයට දක්වා පැමිණි බව විමර්ශනය කරගෙන ඇති අතර මෙම සිදුවීම සිදුවූ බව පැවසෙන පසුගිය 16 දින පස්වරුවේ සැඟව සිට ඇති මොහු අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.
සංචාරක කොට්ඨාසයේ නිලධාරීන් හා මහනුවර සංචාරක ඒකකයේ නිලධාරීන් මාවතගම පිහිටි සැකකරුගේ නිවසට ගොස් සොයා බැලීමේදී හෙළිව ඇත්තේ මොහු මෙන්ම නිවසේ සෙසු පිරිසක්ද මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් බව සහ ඒ සම්බන්ධයෙන් ඔවුන් හට අධිකරණමය ක්‍රියාමාර්ග පවා ගෙන ඇති බවයි.
මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ වයස අවුරුදු 32 වූ සැකකරු 17 දින දිවා කාලයේ මහනුවර සංචාරක පොලිසියට බාර වී ඇති අතර අත්අඩංගුවට ගත් එම පුද්ගලයා හා සිද්ධියට අදාළ ත්‍රිරෝද රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා මාවතගම පොලිස් ස්ථානය වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.
