ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා පත්කරයි

ලිට්‍රෝ සමාගමේ නව සභාපතිවරයා පත්කරයි

Litro Gas Lanka Ltd සහ Litro Gas Terminal Lanka PVT Ltd හි නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත්කර තිබෙනවා.

ඒ මහතා වරලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ (එක්සත් රාජධානියේ) සහ ශ්‍රී ලංකාවේ වරලත් ගණකාධිකාරී යන දෙඅංශයේම සාමාජිකයෙකු බව සඳහන්.

එමෙන්ම ඒ මහතා කොළඹ නායකත්ව ඇකඩමියෙන් 2022 නායකත්ව විශිෂ්ටත්වය සඳහා වූ හෝල් ඔෆ් ෆේම් ඇතුළු ඇගයීම් රාශියක් ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තවද ඒ මහතා ඕස්ට්‍රේලියාවේ දකුණු ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයෙන් MBA උපාධියක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් පළමු පන්තියේ උපාධියක් හිමි අතර දැනට මැලේසියාවේ කළමනාකරණ සහ විද්‍යා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් හදාරමින් සිටින බවද සඳහන්.

Share This