ලිබියාවේ ගංවතුරෙන් මිය ගිය ගණන දහස ඉක්මවයි – 10,000 ක් පමණ අතුරුදන්

ලිබියාවේ ගංවතුරෙන් මිය ගිය ගණන දහස ඉක්මවයි – 10,000 ක් පමණ අතුරුදන්

ලිබියාවේ ඇතිවූ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 10,000 ක් පමණ අතුරුදන් වී ඇතැයි ජාත්‍යන්තර රතු කුරුස සහ රතු චන්ද්‍ර සංගම් සම්මේලනයේ (IFRC) නිලධාරියෙකු සඳහන් කර තිබෙනවා

ධාරානිපාත වර්ෂාවෙන් පසු ඇතිවූ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් මාර්ග සහ නිවාස රැසක් විනාශ වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

දරුණුතම බලපෑමට ලක්ව ඇත්තේ ඩර්නා වරාය නගරය වන අතර, වේලි දෙකක් සහ පාලම් හතරක් කඩා වැටීමෙන් ප්‍රදේශ බොහෝමයක් ජලයෙන් යට වී තිබෙනවා

ලිබියාවේ ඩර්නා නගරයෙන් පමණක් මියගිය සංඛ්‍යාව 1,000 ඉක්මවන බවයි නැගෙනහිර ඩර්නා වරායට ගිය ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබෙන්නේ

ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdullahian දරුණු ගංවතුර හේතුවෙන් ලිබියාවට සිදුවූ හානි නිසා එරටට මානුෂීය ආධාර ලබාදී ඇති බවයි වාර්තා වන්නේ

ඉරාන අමාත්‍යවරයා මෙම ව්‍යසනය පිළිබඳව ශෝකය පළ කර ඇති අතර ලිබියානු බලධාරීන්ට සහ ජනතාවට මෙන්ම විපතට පත් වූවන්ගේ පවුල්වලට ද ශෝකය ප්‍රකාශ කර තිබෙනවා .

Share This