ලිබියාවේ ගංවතුරෙන් මියගිය අයගේ සිරුරු සමූහ මිනී වලවල්වල තැන්පත් කෙරේ

ලිබියාවේ ගංවතුරෙන් මියගිය අයගේ සිරුරු සමූහ මිනී වලවල්වල තැන්පත් කෙරේ

නැගෙනහිර ලිබියාවේ ඇතිවූ ගංවතුර නිසා මියගිය අයගේ සිරුරු සමූහ මිනී වලවල්වල තැන්පත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඩර්නා නගරයේ පමණක් අවම වශයෙන් පුද්ගලයින් 2,300 ක් මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

10,000 ක් අතුරුදන් වී ඇති අතර තවමත් සුන්බුන් යට සිරවී ඇති විපතට පත් වූවන් සෙවීම සඳහා සහනකරුවන් උත්සාහ කරමින් සිටින බව සඳහන්

මේ අතර ගංවතුරින් විපතට පත් වූවන්ට උපකාර කිරීමට උත්සාහ කළ ස්වේච්ඡා සේවකයන් තිදෙනෙකුද මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

ලිබියාවේ සංක්‍රමණිකයන් 600,000 ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් සමහරක් පීඩාවට පත් ප්‍රදේශවල සිටින බවයි සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයට පවසන්නේ

අතුරුදන් වූ සංඛ්‍යාවත් සමග මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර 5,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවට විශ්වාස කෙරෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරනවා

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව රටේ නගර කිහිපයකට බලපෑ ධාරානිපාත වර්ෂාවෙන් මිලියන 1.8 ක් පමණ ජනතාව පීඩාවට පත්ව ඇතැයි සඳහන්

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ලිබියානු බලධාරීන්ට සහ මියගිය අයගේ පවුල්වලට සිය ශෝකය ප්‍රකාශ කර තිබෙනවා

මේ අතර මියගිය අයගෙන් අවම වශයෙන් 145 ඊජිප්තු ජාතිකයන් බව ලිබියාවේ ඊසානදිග ටොබ්රුක් නගරයේ නිලධාරීන් ප්‍රකාශ කරනවා

ඩර්නා හි රෝහල් තවදුරටත් ක්‍රියාත්මක නොවන අතර මෘත ශරීරාගාර පිරී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This