ලිබියාවේ ප්‍රතිවාදී කණ්ඩායම් අතර ඇති වූ ගැටුමකින් 27ක් මරුට

ලිබියාවේ ප්‍රතිවාදී කණ්ඩායම් අතර ඇති වූ ගැටුමකින් 27ක් මරුට

දකුණු ලිබියානු අගනුවර වන ට්‍රිපොලි හි ප්‍රබල සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුම්වලින් අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙකු මිය ගොස් තවත් 106 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

444 බලසේනාවේ අණදෙන නිලධාරි Mahmoud Hamza ට්‍රිපොලි හි ප්‍රධාන Mitiga ගුවන් තොටුපළ හරහා ගමන් කිරීමට උත්සාහ කරන විට ඔහු රඳවා තබා ගැනීමෙන් පසු මෙම ගැටුම් ආරම්භ වූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ .

ගුවන් තොටුපළ පාලනය කරන විශේෂ ආරක්ෂක බළකායේ ප්‍රතිවාදී කණ්ඩායමක් විසින් Mahmoud Hamzaව අල්ලා රඳවා තබා ගෙන ඇති අතර මෙලෙස කිරීමට හේතුව තවමත් නොදන්නා බවයි පැවසෙන්නේ .

තුවාල ලැබූවන් අතර සිවිල් වැසියන් ද සිටින බව රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන LANA සඳහන් කරනවා

Share This