ලිබියාවේ රෝග ඇතිවීමේ අවදානම ගැන සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය

ලිබියාවේ රෝග ඇතිවීමේ අවදානම ගැන සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය

ලිබියාවේ ඩර්නා නගරයේ තවමත් කඩා වැටුණු සුන්බුන් යට සිරවී ඇති සිරුරු සහ ගංවතුරට හසුව මියගිය අයගේ සිරුරු විශාල සංඛ්‍යාවක් පවතින බැවින් දිවි ගලවා ගත් අයට රෝග ඇතිවීමේ අවදානම පිළිබඳව සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කර තිබෙනවා

ලිබියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Emad al-Trabelsi පවසා තිබෙන්නේ සෞඛ්‍ය බලධාරීන් නගරයේ සෞඛ්‍ය උපද්‍රව පිළිබඳව විමර්ශනය කරමින් සිටින බවත්, ඇතිවිය හැකි සෞඛ්‍ය අවදානම පිළිබඳව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත්ය.

එමෙන්ම ඩර්නා හි විදුලිය විසන්ධි වී ඇති සමහර ප්‍රදේශවලට විදුලි සේවා යථා තත්ත්වයට පත් කිරීම සඳහා පැය 24 පුරාම කටයුතු කරමින් සිටින බවද වාර්තා වනවා .

එක්සත් ජාතීන්ගේ ලිබියාවේ තානාපතිවරයා පවසන්නේ මේ වන විට පුද්ගලයින් 6,000 ක් පමණ මියගොස් ඇති බවයි.

කෙසේවෙතත් මෙම සංඛ්‍යාලේඛන සම්බන්ධයෙන් විෂමතාවයක් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

Share This