ලී සුළි කුණාටුව එක්සත් ජනපදයේ සහ කැනඩාවේ නැගෙනහිර වෙරළ තීරය දෙසට

ලී සුළි කුණාටුව එක්සත් ජනපදයේ සහ කැනඩාවේ නැගෙනහිර වෙරළ තීරය දෙසට

ලී සුළි කුණාටුව එක්සත් ජනපදයේ සහ කැනඩාවේ නැගෙනහිර වෙරළ තීරය දෙසට ගමන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ ලී සුළි කුණාටුව සිකුරාදා රාත්‍රිය වන විට නව එංගලන්ත වෙරළට ඔබ්බෙන් වූ ප්‍රදේශයට ගමන් කරමින් විශාල සුළි කුණාටුවක් බවට පත්වන බවයි

කැනඩාවේ වෙරළබඩ ප්‍රදේශවල පදිංචිකරුවන්ට ද කුණාටුව පිළිබඳව අනතුරු අඟවා ඇති බව සඳහන්

එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානයට (NHC) සඳහන් කරන්නේ සති අන්තයේ දී ලී විශාල සුළි කුණාටුවක් ලෙස පවතිනු ඇති බවයි

Rhode Island, Massachusetts, New Hampshire සහ Maine ප්‍රදේශවල වෙරළ තීරයන්වලට සුළි කුණාටු ඇති කරන බැවින් ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසද ජනතාවට දැනුම් දී තිබෙනවා

Massachusetts හි ආණ්ඩුකාර මවුරා හීලි හදිසි ගංවතුර නිසා ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවල මාර්ග සේදී යාම, ගිලා බැසීම් සහ ගොඩනැගිලි විනාශ වීම හේතුවෙන් හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි පැවසෙන්නේ

Share This