ලූටන් ගුවන් තොටුපළේ රථ ගාලක ගින්නක් – ගුවන් ගමන් අත්හිටුවයි (VIDEO)

ලූටන් ගුවන් තොටුපළේ රථ ගාලක ගින්නක් – ගුවන් ගමන් අත්හිටුවයි (VIDEO)

ලන්ඩන් හි ලූටන් ගුවන් තොටුපළේ සියලුම ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා

ඒ පර්යන්ත රථගාලක ඇති වූ විශාල ගින්නක් හේතුවෙනුයි

ගින්න හටගෙන ඇති ප්‍රදේශයට ගමන් නොකරන ලෙස ජනතාවට දැනුම් දී ඇති අතර ගින්න නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 15 ක් සහභාගී කරගත් බවයි පැවසෙන්නේ

මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සඳහා බදාදා දිනයේ එරට වේලාවෙන් දහවල් 12:00 දක්වා ගුවන් ගමන් අත්හිටුවා ඇති බව ගුවන් තොටුපළ සඳහන් කරනවා

ගිනි නිවන භටයින් හතර දෙනෙකු සහ ගුවන් තොටුපල කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු දුමාරය ආශ්වාස කිරීම හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා

දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර බොහෝ නිලධාරීන් එම ස්ථානයෙන් ජනතාව ඉවත් කිරීමට උපරිම උත්සාහයක් දරන බවයි පැවසෙන්නේ

Share This