ලෙබනනයට සංචාර නොකරන ලෙසට එක්සත් ජනපදයෙන් දැනුම් දීමක්

ලෙබනනයට සංචාර නොකරන ලෙසට එක්සත් ජනපදයෙන් දැනුම් දීමක්

එක්සත් ජනපදය ලෙබනනයට සංචාර නොකරන ලෙස දැනුම් දෙමින් සංචාරක අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා

ඊශ්‍රායලය සහ ලෙබනන් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා අතර රොකට්, මිසයිල සහ කාලතුවක්කු ප්‍රහාර සම්බන්ධව පවතින ආරක්ෂක තත්ත්වය උපුටා දක්වමින් එක්සත් ජනපදය ලෙබනනයට සංචාරය නොකරන ලෙසයි සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ

හමාස් සංවිධානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කළ දින සිට ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර ආතතීන් උත්සන්න වී තිබෙනවා

ඊශ්‍රායලය සහ ලෙබනනය යන රටවල් දෙකම දේශසීමා ආසන්නයේ ප්‍රජාවන් ඉවත් කර ඇත්තේ යුද ගැටුම් උත්සන්න වීමේ බිය මධ්‍යයේයි .

ගාසා රෝහලක සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් කෝපයට පත් විරෝධතාකරුවන් ලෙබනන් අගනුවර බීරූට් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයෙන් පිටත විශාල ගින්නක් ඇති කළ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේ ජනතාව විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි.

Share This