ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරක ඇති වූ ගැටුම්වලදී 6ක් මරුට

ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරක ඇති වූ ගැටුම්වලදී 6ක් මරුට

සති අන්තයේ ලෙබනනයේ පලස්තීන සරණාගත කඳවුරක ඇති වූ ගැටුම්වලදී අවම වශයෙන් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

පලස්තීන අධිකාරියේ ජනාධිපති මහමුද් අබ්බාස්ගේ Fatah කණ්ඩායම සහ ප්‍රතිවාදී ඉස්ලාමීය කණ්ඩායම් අතර Ein el-Hilweh කඳවුරේ මෙම ගැටුම් ඇතිව තිබෙනවා .

මියගිය හය දෙනා අතර Fatah කණ්ඩායමේ කමාන්ඩවරයෙකුද සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කණ්ඩායමේ නායකයා ඇතුළු තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා

Share This