ලොරි රථයක් පැහැරගෙන පළා යද්දී අනතුරට ලක්ව පුද්ගයෙක් මරුට (VIDEO)

ලොරි රථයක් පැහැරගෙන පළා යද්දී අනතුරට ලක්ව පුද්ගයෙක් මරුට (VIDEO)

කදාන ශාන්ත මරියා මාර්ගයේ නිවසක ගරාජය තුළ තිබූ කිරි අලෙවි කරන ලොරි රථයක් ඊයේ(15) පස්වරු 6.10 ට පමණ ජා ඇල, නිවන්දම ප්‍රදේශයේ පුද්ගලයකු විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී කඳාන කපුවාගාර මාර්ගයේ යතුරු පැදියකින් මාර්ගයේ ගමන් කරමින් සිටි පියෙකු හා දරුවන් දෙදෙනෙකු අනතුරට ලක් කොට ඉදිරියට නොනවත්වා ලොරි රථය ධාවනය කර තාප්පයක වැදී අනතුරට ලක් වුණා.

කපුවාගාර මාර්ගයේ ගල් බැම්ම මංසන්ධියේදී පස්වරු 6.30 ට තවත් යතුරුපැදියක ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු අනතුරට ලක්කිරීමෙන් එම යතුරුපැදියේ ගමන් ගත් යතුරුපැදිකරු රාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

කඳාන පොලිසිය පැවසුවේ අනෙක් පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයේ සිටින බවයි.

මියගිය තැනැත්තා ගම්පහ, මාකවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිසිය පැවසුවා.

පැහැරගත් ලොරි රථය එම ස්ථානයේදී අසල තාප්පයක ගැටී නතර වී තිබෙනවා.

එම ලොරි රථය පැහැර ගත් පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන කඳාන පොලිස් නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.


 

 

Share This