ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ රොනාල්ඩෝට පළමු තැන

ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ රොනාල්ඩෝට පළමු තැන

පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ ඉහළින්ම සිටින බව Forbes සඟරාව වාර්තා කරනවා.

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබියේ අල්-නස්ර් වෙත මාරුවීමත් සමඟ ඔහුගේ වැටුප දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් වැඩිකර ඇති අතර ඒ හේතුවෙන් ලොව ඉහළම වැටුප් ලබන ක්‍රීඩකයා බවට පත්ව තිබෙනවා.

පස් වතාවක් චැම්පියන්ස් ලීග් ජයග්‍රාහකයා වන රොනාල්ඩෝ පසුගිය වසරේ මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම හැර යාමෙන් පසු ජනවාරි මාසයේදී සෞදි අරාබි ක්‍රීඩා සමාජයට එක්වුණා.

ඔහු දැනටමත් එයින් ඉවත් වන බවට කටකතා පැතිර ගියද, මේ වනවිටත් අවශ්‍ය මූල්‍ය ප්‍රතිලාභ ලබා ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

ෆෝබ්ස් සඟරාවට අනුව, රොනාල්ඩෝගේ ඇස්තමේන්තුගත ක්‍රීඩා වැටුප ඩොලර් මිලියන 75 වන අතර පසුගිය වසර තුළ ඩොලර් මිලියන 136 ක් උපයා තිබෙනවා.

රොනාල්ඩෝ 2017 වසරෙන් පසු ප්‍රථම වරට ධනවත් මලල ක්‍රීඩක ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර ලයනල් මෙසී දෙවන ස්ථානයේ පසුවනවා.

Share This