ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවෙන් – වත්කම බිලියන 7.5

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවෙන් – වත්කම බිලියන 7.5

ඉන්දියාවේ Bharat Jain ලොව ධනවත්ම යාචකයා වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුම්බායි නගරයේ වීදිවල සිඟමන් යදින ඔහුගේ වත්කම ඉන්දියානු රුපියල් බිලියන 7.5ක්.

සිඟමන් යැදීමෙන් ඔහුගේ මාසික ඉපැයීම ඉන්දියානු රුපියල් 60,000 සිට 75,000 දක්වා පරාසයක පවතිනවා.

ඔහුට රුපියල් කෝටි 1.2 ක් වටිනා මුම්බායි හි 2BHK මහල් නිවාසයක් හිමි වන අතර, මසකට රුපියල් 30,000 කට කුලියට දෙන සාප්පු දෙකක්ද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චත්‍රපති ශිවාජි මහාරාජ් ටර්මිනස් දුම්රිය ස්ථානය (CSMT) හෝ අසාද් මයිඩන් ඔහු සිඟමන් යදින ප්‍රධාන ස්ථාන දෙකක්.

කෙතරම් ධනවතෙක් වුවද, Jain තවමත් වීදිවල සිඟමන් වදින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This