ලොව පළමු නයි Pizza එක මේ රටෙන් කන්න පුළුවන්

ලොව පළමු නයි Pizza එක මේ රටෙන් කන්න පුළුවන්

විවිධ අමුද්‍රව්‍යවලින් පිළියෙළ කරන ලද පීසා විවිධ රසවලින් පාරිභෝගිකයින්ට බොහෝ විට හමුවනවා.

කෙසේ වෙතත්, ලොව ප්‍රමුඛ Pizza සමාගමක් විසින් හොංකොං හි සියලු අපේක්ෂාවන්වලට සරිලන සුවිශේෂී පීසා රසයක් එළිදක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අමෙරිකානු සමාගම වසර ගණනාවක් පැරණි හොංකොං අවන්හලක් සමඟ එකතු වී සාම්ප්‍රදායික කෑමක් හෝ වඩාත් සරලව කිවහොත් පීසා එකකට සර්පයෙක් දමා පිළියෙළ කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම නව පීසාවල අන්තර්ගත වන්නේ සර්ප මස්, කළු හතු සහ චීන වියළන ලද හැම් යනාදිය එක්කර සකස් කරන සර්ප ඉස්ටුවක්

මේ පුවත අන්තර්ජාලය පුරා හුවමාරු වී ඇති අතර මේ වනවිට සියලු දෙනාගේ අවධානය යොමුවී ඇති බවයි වාර්තා වන්නේ.

Snake stew යනු හොංකොං සහ දකුණු චීනයේ මිනිසුන් ආහාරයට ගැනීමට කැමති රසවත් සුප් වර්ගයක් වනවා.

විශේෂයෙන් සීත කාලවලදී භාවිතා කරන මේ සර්ප ඉස්ටුවට ඉතා විශාල ඉල්ලුමක් ඇති නිසා මේ නවතම පීසා රසය හොංකොං පාරිභෝගිකයන් සතුටට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

Share This