ලොව පුරා රටවල් කිහිපයකටම උෂ්ණත්වයෙන් බලපෑම්

ලොව පුරා රටවල් කිහිපයකටම උෂ්ණත්වයෙන් බලපෑම්

උතුරු අර්ධගෝලයේ බොහෝ රටවල් වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එක්සත් ජාතීන්ගේ කාලගුණ ඒජන්සිය පවසා ඇත්තේ යුරෝපයට බලපාන උෂ්ණත්වය අගෝස්තු මාසය දක්වා පැවතිය හැකි බවත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් එවැනි කාලගුණයක් පවතින බවත්ය.

එක්සත් ජනපදයේ, නිරිත දෙසින් පිහිටි ප්‍රදේශවල සිටින මිලියන ගණනක ජනතාවට අධික තාප අනතුරු ඇඟවීම් වලට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

ජපානයේ අවම වශයෙන් පුද්ගලයින් 60 දෙනෙකු තාප ආඝාතය සඳහා ප්‍රතිකාර ලබා ඇති අතර බහුතරයක් රෝහල් වෙත යවා ඇති බවද සඳහන් .

Xinjiang ප්‍රදේශය ඇතුළුව චීනයේ සමහර ප්‍රදේශ ද වාර්තාගත උණුසුමක් අත්විඳිමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

උතුරු අමෙරිකාවේ සහ යුරෝපයේ ද මෙම සතියේ උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර උතුරු අමෙරිකාවේ උෂ්ණත්වය ලබන සතිය දක්වා දීර්ඝ වනු ඇතැයිද විශ්වාසය පළ කර තිබෙනවා

එමෙන්ම යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියට අනුව ඉතාලියේ සිසිලි සහ සාඩීනියා දූපත්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

සයිප්‍රසයේ, මේ සතිය පුරා උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට වඩා වැඩිව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

එමෙන්ම පවතින උෂ්ණත්වය නිසා දැනටමත් 90 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් වැඩිහිටි පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා

ඇතන්ස් අසල ජනප්‍රිය වෙරළ නගරයක ලැව් ගින්නක් හටගෙන තිබෙන බවද විදෙස් මාධ්‍ය පවසනවා

ඇරිසෝනා හි පසුගිය සතියේ දින 17ක් අඛණ්ඩව උෂ්ණත්වය සෙල්සියස් අංශක 43ට වඩා වැඩිවී තිබු බවද වාර්තා වනවා

ලොව උණුසුම්ම ස්ථාන අතරින් එකක්වන කැලිෆෝනියාවේ ඩෙත් නිම්නයේ සති අන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 52 දක්වා ළඟාවී තිබූ බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This