ලොව බිහිසුණුම ස්නයිපර් වෙඩික්කරුවෙක් යුක්රේනයට
ලොව බිහිසුණුම ස්නයිපර් වෙඩික්කරුවන්ගෙන් කෙනෙකු ලෙස සැලකෙන කැනේඩියානු හමුදාවේ හිටපු වෙඩික්කරුවෙකු රුසියානු ආක්‍රමණයෙන් යුක්රේනය ආරක්ෂා කර ගැනීමට යුක්රේනයට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු 40 හැවිරිදි වියේ පසුවන බවත් ඇෆ්ගනිස්ථානයේදී සටන් අතරතුර සේවය කරමින් සිටියදී සැතපුම් දෙකක් (කිලෝමීටර් 3.2) දුරින් සිටි සතුරු සටන්කරුවන් මරා දැමූ බවද වාර්තා වනවා
මෙම කැනේඩියානු ජාතිකයා ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව කුර්දි සටන්කරුවන් සමග එක්ව සටන් කළ බව සඳහන්
ඔහු තවත් හිටපු කැනේඩියානු සෙබළුන් තිදෙනෙකු සමග යුක්රේනයේ සිටින බවයි වාර්තා වන්නේ