ලොව වයස්ගතම පුද්ගලයා මියයයි

ලොව වයස්ගතම පුද්ගලයා මියයයි

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස හඳුනා ගෙන සිටි බව කියන ලුසීල් රැන්ඩන් නම් ප්‍රංශ කන්‍යා සොහොයුරිය මිය ගොස් ඇති බව වාර්තා වනවා.

පළමු ලෝක යුද්ධයට දශකයක් පමණ තිබියදී එනම් 1904 වසරේ පෙබරවාරි 11 වැනි දින ප්‍රංශයේ උපත ලැබූ ඇය මියයන විට 118 වැනි වියේ පසු වූ බවයි සඳහන් වන්නේ.

කන්‍යා සොයුරියක් වීමට පෙර සහ ඉන් පසුවත් වසර ගණනාවක් පුරා අනාථ දරුවන් සහ වැඩිහිටියන් රැක බලා ගැනීමේ නිරතව සිටි ඇය 2022 වසරේ අප්‍රේල් වන විට හඳුනා ගෙන තිබුණේ මිහිමත වැඩිම කලක් ජීවත් වූ පුද්ගලයා ලෙසයි.

ඒ, එතෙක් ලොව ජීවත් වූ වයස්ගතම පුද්ගලයා වූ ජපානයේ කේන් ටනාකා එම වසරේ අප්‍රේල් මස වයස අවුරුදු 119 දී මිය යාමත් සමගයි.

Share This