ලොව විශාලතම ගල් අඟුරු වරායේ දී 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට

ලොව විශාලතම ගල් අඟුරු වරායේ දී 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට

ලොව විශාලතම ගල් අඟුරු වරාය දින දෙකක කාලයක් අවහිර කිරීම හේතුවෙන් 109 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා

දේශගුණික අක්‍රියතාවට විරෝධය දැක්වීම සඳහා ඕස්ට්‍රේලියාවේ නිව්කාසල් වරායේ නැව් මංතීරුව අල්ලා ගැනීමට සිය ගණනක් ක්‍රියාකාරීන් පිහිනමින් සහ එය අවහිර කරමින් සිට තිබෙනවා

මෙම බාධාව හේතුවෙන් ගල් අඟුරු ටොන් මිලියන භාගයකට වඩා රටින් පිටවීම වැළැක්වූ බවයි බලධාරීන් සඳහන් කරන්නේ

ඕස්ට්‍රේලියාව ලොව දෙවන විශාලතම ගල් අඟුරු අපනයනකරු වන අතර එහි විදුලි අවශ්‍යතා පොසිල ඉන්ධන මත රඳා පවතිනවා

සිඩ්නි සිට දළ වශයෙන් කිලෝමීටර් 170 පමණ දුරින් පිහිටා ඇති නිව්කාසල් වරාය ගල් අඟුරු නැව්ගත කිරීම සඳහා රටේ වැදගත්ම පර්යන්තය වනවා

සති අන්තයේ නැව් මංතීරුව පැය 30ක කාලයක් පුරා අවහිර කිරීමට ඕස්ට්‍රේලියාවේ 3,000ක් පමණ පිරිසක් සහභාගී වූ බවයි පැවසෙන්නේ

 

Share This