ලොහාන් ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවකට
කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සාමාන්‍ය වාට්ටුවක් වෙත යොමු කර තිබෙනවා
ඒ අනුව ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් පසු වන බවයි වාර්තා වන්නේ
බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ (02) රාත්‍රීයේ ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කෙරුණා