ලොහාන්ට සහ බිරිඳට ඇප
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ අද (05) ඇප මත මුදාහැර තිබෙනවා.
සැකකරුවන් නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප හිමි ඇති බව සඳහන්.
ඒ අනුව ඔවුන් දෙදෙනාටම රුපියල් 25,000ක මුදල් ඇපය බැගින් සහ එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 2ක් බැගින් නියම කර තිබෙනවා.
එමෙන්ම ලොහාන් රත්වත්තේ මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බව සඳහන්.