ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී මොරොක්කෝව බෙල්ජියම පරාජය කිරීමෙන් පසු බ්‍රසල්ස්හි ගැටුම්(VIDEO )

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී මොරොක්කෝව බෙල්ජියම පරාජය කිරීමෙන් පසු බ්‍රසල්ස්හි ගැටුම්(VIDEO )

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ මොරොක්කෝව විසින් බෙල්ජියම් කණ්ඩායම පරාජය කිරීමෙන් පසු බ්‍රසල්ස්හි ගැටුම් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

කටාර්හිදී පැවති මෙම තරගයෙන් ගෝල 2-0ක් ලෙස මොරොක්කෝව ජය ගනු ලැබුවා

පසුව බ්‍රසල්ස් නගර මධ්‍යයේ ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා එරට පොලිසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් භාවිතා කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

එමෙන්ම පාපන්දු ලෝලීන් බොහෝ පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරීමෙන් වාහනවලට ගිනි තබා ඇති අතර එහිදී පුද්ගලයින් 11 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවද එරට පොලිසිය සඳහන් කර තිබෙනවා

Share This