
ලෝක ජනාවාස දිනය අදයි
“තමන්ට නිවසක් – ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ මෙවර ජනාවාස දිනයට සමගාමීව ජනාවාස දිනයක් ප්‍රකාශයට පත් කළා.
ජනාවාස සතියක් ප්රකාශ්යට පත් කරමින් ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ මෙරට සියලු ජනතාවට තමාට අයත් නිවසක් හිමිකර දීම මෙම වැඩසටහනේ අරමුණ බවයි.
ජනාවාස සතියට සමගාමීව දිවයිනේ ප්‍රදේශ රැසක නිවාස ආධාර ලබාදීම ඇතුලු වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා.
ලෝක ජනාවාස දින සැමරුම් ජාතික උත්සවය අද(05) මේ වනවිට කොළඹ දී පැවැත් වෙනවා.
මෙම උත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත් වෙන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.
