
ලෝක දේශපාලන තත්ත්වයන්ට මුහුණ දීමට වරාය සහ ගුවන් සේවා සූදානම් විය යුතුයි
ලෝක දේශපාලන තත්ත්වයන්ට මුහුණ දිමට වරාය සහ ගුවන් සේවා සූදානම් විය යුතු බව ප්‍රවාහන ,මහමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා
ඔහු මේ බව කියා සිටියේ ඉන්දීයාව හා පාකිස්තානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය සහ ඉදිරියේ දී ඇතිවිය හැකි ලෝක දේශපාලනික තත්ත්වයන් හේතුකොට ගෙන මෙරට වරාය සහ ගුවන්තොටුපොළට එල්ල විය හැකි බලපෑම පිළිබඳව පැවති සාකච්ඡාවකදියි
ඉන්දු පාකිස්තාන අර්බුදය නිසා වරායට අමතර නැව් පැමිණීමට ඉල්ලීම් පවතින අතර ඒවා කාර්යක්ෂමව මෙහෙයුම් කටයුතු සිදු කිරීමටත් දැනට සිදුවන මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නොවී එම කටයුතු සිදුකිරීමට ඇති හැකියාව සහ යෝජනා සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා