ලෝක පූජිත අවිහිංසාවාදී බෞද්ධ නායක දලයි ලාමාතුමන් වෙනුවෙන් යුරෝපයේදී උපහාර උත්සවයක්

ලෝක පූජිත අවිහිංසාවාදී බෞද්ධ නායක දලයි ලාමාතුමන් වෙනුවෙන් යුරෝපයේදී උපහාර උත්සවයක්

ටිබෙටයේ හිටපු රාජ්‍ය නායකයාවූ, චීන ආක්‍රමණයෙන් පසු ඉන්දියාවේ දේශපාලන රැකවරණ ලබාදුන් දලයි ලාමා අද ලෝක පූජිත අවිහිංසාවාදී බෞද්ධ නායකයෙකු ලෙස නෝබල් ත්‍යාගයෙන් පුද ලද කෙනෙකි.

එතුමන්ගේ 90 උපන් දිනය වෙනුවෙන් ලොව බොහෝ රටවල විවිධ උත්සව සංවිධානය වෙනවා.

දලයි ලාමාතුමන්ට උපහාර දැක්වීමේ හා ආශීර්වාද කිරීමේ උත්සව යක් පසුගියදා එනම් සැප්තැම්බර් 14 වන දින යුරෝපයේ විශාලම වියට්නාම බෞද්ධ විහාරස්ථානය වන කන් අන් Kanh Anh බෞද්ධ විහාරස්‌ථානයේදී සිදු කෙරුණා.

මෙම විහාරස්ථානය චන්දරතන නාහිමියන් ආරම්භ කළ ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට බෙහෙවින්ම උදව් කළ ස්ථානයක් වගේම කෝවිල් සමයේ යුරෝ 10000 ක් ලංකාව පුරාම වියලි ආහාර බෙදා දෙන්නට පරිත්‍යාග කළ විහාරස්ථානයක්.

එම විහාරස්ථානය මගින් සංවිධානය කළ දලයි ලාමාතුමන්ට ආශීර්වාද කිරීමේ උත්සවයට 200 කට ආසන්න බෞද්ධ භික්ඛු
භික්ඛුණී පිරිසක් සහභාගීවූ අතර විවිධ ජාතීන්ට අයත්වන විශාල පිරිසක්ද මෙම උත්සවයට සහභාගි වුනා.

පරවාහැර චන්දරතන නාහිමියන්ද මෙහිදී දලයි ලාමාතුමන් ගැන හා එම උත්සවය ගැන විශේෂ දේශනයක් පවත්වනු ලැබූවා.

Share This