
ලෝක රෝගී සුරක්ෂිතතා දිනය වෙනුවෙන් මෙරට ජාතික සැමරුම් උත්සවයක් කොළඹ දී
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ රෝගී සුරක්ෂිතතාවය ඉහළ මට්ටමක පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරනවා.
“ලෝක රෝගී සුරක්ෂිතතා දිනය’’ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවය පැවැත් වුණේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඔ ගෝල්ෆේස් හෝටලයේ දීයි.
වාර්ෂිකව විවිධ කාලීන මාතෘකා යටතේ මෙම දිනය සමරනු ලබන අතර 2025 වර්ෂයේ තේමාව වනුයේ “සෑම අළුත උපන් බිළිඳකුම සහ සෑම දරුවකුම වෙනුවෙන් සුරක්ෂිත සෞඛ්‍ය සේවාවක් ලබාදීමයි ’’ යන්නයි.
මෙම සැමරුම් උත්සවයේ ප්‍රධාන දේශනය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉෂානි රොද්‍රිගෝ මහත්මිය විසින් පවත්වනු ලැබුවා.
සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ තත්ත්ව කාර්ය සාධන ඇගයීමේ (QPET) වෙබ් පිටුව මෙන්ම සෞඛ්‍ය සේවා ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබඳ අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය සදහා සම්පාදිත ග්‍රන්ථය එළිදැක්වීම ද මෙහි දී සිදුවුණා.
එමෙන්ම රෝගී සත්කාර සේවාවන් වෙනුවෙන් විවිධ ව්‍යාපෘතී ක්‍රියාත්මක කරමින් රෝගී ජනතාවට ගුණාත්මක, කාර්යක්ෂම, සුරක්ෂිත රෝගී සත්කාර සේවාවක් ලබාදීමට කටයුතු කිරිම වෙනුවෙන් කාසල් වීදියේ කාන්තා ශික්ෂණ රෝහල සහ මන්නාරම දිස්ත්‍රික් මහ රෝහල මෙහි දී අමාත්‍යවරයා රන් සම්මානයෙන් පිදුවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යා වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ සුරක්ෂිත රෝගී ප්‍රතිකාර සේවාවක් අඛණ්ඩව පවත්වා ගෙන යාමේ අරමුණින් 2019 වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රෝගී සුරක්ෂිතතා දිනය නම්කල බවයි.
ලෝක රෝගී සුරක්ෂිතතා දිනය සැමරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වසරේ පැවති 72 වන සමුළුවේ දී ගත් තීරණයකට අනූව ක්‍රියාත්මක වනවා.
ඒ අනුව රෝගීන්ගේ සුරක්ෂිතතාවය ගෝලීය වශයෙන් ප්‍රමුඛතාවක් ලෙස සලකමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජික රටවල් 194 ක් එම දිනය සමරනවා.