ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ අවසන් දිනය අදයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ අවසන් දිනය අදයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුව (78th Session of WHO Regional Committee for South-East Asia) පසුගිය 13 පෙරවරුවේ කොළඹ දී ආරම්භ වුණා.

බිලියන දෙකකට ආසන්න ජනතාවක් ජීවත් වන අග්නිදිග ආසියානු කලාපය තුළ ප්‍රාථමික සෞඛ්‍ය සේවා හරහා සෞඛ්‍ය සම්පන්න වයස්ගතවීම සහ දුම් රහිත දුම්කොළවලට එරෙහිව සටන් කිරීම මෙම කලාපීය කමිටු සැසියේ දී කලාපීය සෞඛ්‍ය නායකයින් සාකච්ඡා කරනු ලබන කරුණු අතර ප්‍රධාන ප්‍රමුඛතා වන අතර ඊයේ (14) සියලු සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ජාවක් පවත්වනු ලැබුවා.

ප්‍රාථමික සෞඛ්‍ය සේවාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය පිළිබඳව දීර්ඝ ලෙස මෙහි දී සාකච්ජාවට භාජනය වූ අතර සියලු සාමාජික රටවල සෞඛ්‍ය විශේෂඥයින්ගේ දැනුම ඇතුළු එම රටවල ක්‍රියාත්මක සෞඛ්‍ය ක්‍රමවේදයන් පිලිබඳව මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ජා වුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශ‍ය පැවසුවේ එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු විශේෂඥයින් තම රටවල ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රමුඛව සෞඛ්‍ය සේවාව පිළිබඳ අත්දැකීම් ද මෙහි දී බෙදාගත් බවයි.

මෙම විශේෂ සාකච්ඡාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා විසින් මෙහෙයවනු ලැබුවා.

දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වන සමුළුවේ සභාපති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අවධාරණය කර සිටියේ මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රමුඛ සෞඛ්‍ය සේවාව විශිෂ්ට මට්ටමක පවතින බවයි.

මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් (Dr. Tedros Adhanom Ghebreyesus) ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බොහ්මේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීන්, සාමාජික රටවල සෞඛ්‍ය විශේෂඥයින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී වී සිටියා.

 

Share This