ලෝකයට මනුෂ්‍යත්වය අහිමි වෙමින් පවතින බව UNRWA ප්‍රධානියා පවසයි

ලෝකයට මනුෂ්‍යත්වය අහිමි වෙමින් පවතින බව UNRWA ප්‍රධානියා පවසයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පවතින යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස මැද පෙරදිග “අගාධයක අද්දර” සිටින බව එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන ප්‍රධානී Philippe Lazzarini BBC පුවත්සේවය වෙත පවසා තිබෙනවා .

එක්සත් ජාතීන්ගේ සහන ඒජන්සියේ කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ කලාපය පුරා ප්‍රචණ්ඩත්වය පැතිර යා හැකි බවයි.

ගාසා තීරය තුළ සිවිල් වැසියන්ගේ දරුණු තත්ත්වය පිළිබඳව ඔහු අනතුරු ඇඟවූ අතර, භූමිය තුළට මානුෂීය ආධාර කොරිඩෝව නැවත ඉල්ලා තිබෙනවා

එමෙන්ම Philippe Lazzarini පවසන්නේ “ලෝකයට දැන් එහි මනුෂ්‍යත්වය අහිමි වේ” යැයි තමා බියට පත් වන බවයි.

ජෙරුසලමේදී අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියේ (UNRWA ) ප්‍රධානියා ඊශ්‍රායලයට එරෙහිව හමාස් ප්‍රහාරය හෙළා දුටු අතර, එය ජාතික කම්පනයක් බවත් ඊශ්‍රායලයට සාමූහික කම්පනයක් ඇති කළ භයානක හා ම්ලේච්ඡ සංහාරයක් ලෙසත් හඳුන්වා තිබෙනවා

යුද්ධය දිගටම පැවතීම සාධාරණීකරණය නොකරන බවත් ඊටත් වඩා සිවිල් වැසියන් ඝාතනය කිරීම කලාපයේ අනාගත ආරක්ෂාව සහ සාමය සඳහා අවශ්‍ය යැයි ඔහු විශ්වාස නොකරන බවත් සඳහන් කරනවා

ඊශ්‍රායල ජාතිකයන් ජාත්‍යන්තර මානුෂීය නීතියට ගරු කරන්නේ දැයි ඇසූ විට Philippe Lazzarini පවසන්නේ අපි දැන් සිටින්නේ ගාසා තීරයේ සම්පූර්ණ වැටලීමක් පනවා ඇති තත්ත්වයක බවත් මිලියනයකට අධික ජනතාවක් අවතැන් කරන ලෙස ඉල්ලා ඇති තත්ත්වයක බවත්ය.

ජාත්‍යන්තර මානුෂීය නීතියට ගරු කරන ලෙස අපි ඊශ්‍රායල් ජාතිකයින්ට සහ මෙම ගැටුමට අදාළ ඕනෑම කෙනෙකුගෙන් ඉල්ලා සිටින බවයි ඔහු පවසන්නේ

ගාසා තීරයේ වර්ධනය වන මානුෂීය අර්බුදය ගැන කතා කරමින් Lazzarini පවසන්නේ පලස්තීනුවන් මිලියන 2.2ක් අවතැන් වී ඇති අතර ඔවුන්ගෙන් අඩකට මූලික වශයෙන් සියල්ල නොමැති බවයි.

ගාසා තීරයට ආධාර ලබා ගත නොහැකි නම් මානුෂීය ව්‍යසනයක් ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය මීට පෙර අනතුරු අඟවා තිබුණා.

ඔක්‌තෝබර් 7 වැනිදා හමාස්‌ ප්‍රහාරයට පෙර සාමාන්‍යයෙන් දිනකට ට්‍රක්‌ රථ 500ක්‌ පමණ ආධාර, ඉන්ධන සහ අනෙකුත් භාණ්ඩ ගාසා තීරය තුළට රැගෙන ගිය බවයි Philippe Lazzarini සඳහන් කරන්නේ

ඔවුන් කොපමණ ආධාර යැවිය යුතුද යන්න පැහැදිලි නැති නමුත් එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ ඒජන්සියට ගාසා වලට අවම වශයෙන් දිනකට ට්‍රක් රථ 100 ක් පමණ අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා තිබෙනවා .

කෙසේවෙතත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු තහවුරු කළේ තම රට ඊජිප්තුවේ සිට දකුණු ගාසා තීරයේ සිවිල් ජනතාව වෙත යවන සැපයුම් අවහිර නොකරන බවයි.

කෙසේ වෙතත්, ඊජිප්තුවේ සිට රෆා හරස් මාර්ගය හරහා කිසිදු ආධාරයක් තවමත් භූමියට පැමිණ නැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

Share This