ලෝකෙම කතා කරන නවසීලන්තයේ T- 20 සංචිතය ප්‍රකාශය – එහි වගකීම ළමුන් දෙදෙනෙකුට

ලෝකෙම කතා කරන නවසීලන්තයේ T- 20 සංචිතය ප්‍රකාශය – එහි වගකීම ළමුන් දෙදෙනෙකුට

ජූනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් සහ එක්සත් ජනපදය එක්ව සත්කාරකත්වය දරන එළඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කිරීමත් සමග නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය ලෝක අවධානයට ලක්වී තිබෙනවා.

ඒ නවසීලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මැටිල්ඩා නම් ගැහැණු ළමයෙකු සහ ඇන්ගුස් නම් පිරිමි ළමයෙක් විස්සයි 20 ලෝක කුසලානයේ ලැයිස්තු ගත කර ඇති ක්‍රීඩකයින් නිවේදනය කිරීම නිසා බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ළමයින් විචිත්‍රවත් ලෙස ක්‍රීඩකයින්ගේ නම් ප්‍රකාශ කර අවසානයේ ඔවුන්ට සුබ පැතුම්ද එක් කළා.

ඒ අනුව ලොවම බලා සිටින මෙවන් අවස්ථාවක වගකීම කුඩා ළමුන් දෙදෙනෙකුට පවරා තිබීම ඉතා සුවිශේෂී බවයි බොහෝ දෙනා සඳහන් කරන්නේ.

එම වීඩියෝව පහතින්,

Share This