වංචනික බදු එකතු කරන්නන්ට හසු වෙන්න එපා

වංචනික බදු එකතු කරන්නන්ට හසු වෙන්න එපා

දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචනික පුද්ගල කණ්ඩායමක් විසින් මුදල් රැස් කරන බවට දිගින් දිගටම පැමිණිලි ලැබී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා

කොළඹ ,පානදුර, මීගමුව, වෙන්නප්පුව හා මිනුවන්ගොඩ ආදී ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වෙත ගොස් අය විය යුතු බදු වෙනුවෙන් මෙලෙස මුදල්එක්රැස් කරන බවට පැමිණිලි ලැබී ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය කරනු ලබන බදු වර්ගවලට අදාළ බදු මුදල් රැස් කිරීමේදී දේශීය ආදායම් නිලධාරීන් විසින් බදු ගෙවන්නන් වෙත ගොස් ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නමින් පවත්වා ගෙන යනු ලබන ගිණුම්වලට පමණක් බදු මුදල් තැන්පත් කිරීමට උපදෙස් ලබා දෙන අතර මුදල් හෝ චෙක්පත් එකතු කිරීමන් සිදු නොකරන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා

Share This