වංචනික විදෙස් රැකියා ආයතන හා පුද්ගලයින් පිළිබඳ දැනුම්දීමට දුරකථන අංකයක්

වංචනික විදෙස් රැකියා ආයතන හා පුද්ගලයින් පිළිබඳ දැනුම්දීමට දුරකථන අංකයක්

නීති විරෝධී ආකාරයෙන් රැකියා සඳහා පුද්ගලයන් විදේශගත කිරීම පිළිබඳ ලැබෙන පැමිණිළි පිළිබඳ කඩිනමින් ක්‍රියාත්මක වීමට විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ විශේෂ වැටලීම් ඒකකය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

මෙවැනි ආයතන හෝ පුද්ගලයන් පිළිබඳව කාර්‍යංශයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 භාවිතා කර තොරතුරු ලබාදීමට මහජනතාවට හැකියාව ඇති බවයි එම කාර්යාංශය දැනුම්දෙන්නේ.

එසේම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව කොට්ටාව, මාකුඹුර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිතායතනයක් වටලා එහි හිමිකරු අත් අඩංගුවට ගැනීමට කාර්‍යංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා.

මෙම ආයතනයේ හිමිකරු වෘත්තියෙන් නීතිඥයෙකු බව වාර්තා වන අතර මෙම ආයතනය විදේශසේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි කර නොමැති බවත් වීසා උපදේශන සපයන මුවාවෙන් පුද්ගලයින් රැකියා සඳහා විදෙස් ගතකිරිම සිදුකර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

අත් අඩංගුවට ගත් ආයතනයේ හිමිකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ අනුව 0112864241 හෝ 0112864123 යන දුරකතන ඔස්සේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂන ඒකකය වෙත පැමිණිලි හා තොරතුරු ලබා දිය හැකි බවද එම කාර්යාංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.

Share This