වකුගඩු රෝගී දීමනාවඉහළට

වකුගඩු රෝගී දීමනාවඉහළට

වකුගඩු රෝගීන්ගේ දීමනාව රුපියල් 7500 සිට 10000 දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙනවා

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ වකුගඩු රෝගීන්ට ලබා දෙන දීමනාව දෙසැම්බර් මාසයෙන් පසු කප්පාදු කරන බවට දන්වමින් පුවත්පත්වල පළ වූ වාර්තාව සම්පූර්ණ අසත්‍ය බවයි

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් තොරතුරු යාවත්කාලින කිරීමක් මේ දිනවල සිදු කරන නමුත් එමගින් ජනතාවට ලැබෙන කිසිදු ප්‍රතිලාභයක් අහිමි කිරීමක් සිදු නොවන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලයේ තොරතුරු අනුව දැනට වකුගඩු රෝගීන් 47,244 සිටින බව වාර්තා වුව ද එම සංඛ්‍යා දත්තවල නිරවද්‍යතාව තහවුරු කර තොරතුරු යාවත්කාලීන කිරීම සිදු කෙරෙන බව සඳහන්

Share This