
වගා හානි වන්දි රුපියල් මිලියන 1640ක් ගෙවා අවසන්
වගා හානි වන්දි වශයෙන් මේ වන විට රුපියල් මිලියන 1640ක් ගෙවා අවසන් බව කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා
ඒ අනුව නොමිලේ වගා රක්ෂණ ක්රමවේදය යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, මිරිස්, සෝයා යන වගාවන්වලට සිදුවූ හානි සඳහා අක්කර 95128ක වගා කළ ගොවීන් 79602ක ප්රමාණයක් සඳහා රුපියල් මිලියන 1640කට ආසන්න මුදලක් කෘෂි රක්ෂණ වන්දි ලෙස ගෙවා ඇති බව සඳහන්
මෙහිදී ගංවතුර, අධික වර්ෂාව, නියඟය මෙන්ම රෝග පලිබෝධ වන අලි හානි වැනි ත්ත්වයන් යටතේ හානියට පත් වගාවන් සඳහා රක්ෂණ ආවරණ ලබා දීම සිදු කරන අතර ඒ සඳහා ගොවීගෙන් කිසිදු අය කිරීමක් සිදු නොකර වගා හානි වන්දි මුදල් රජය විසින් දරනු ලබනවා
එමෙන්ම මෙම වගා හානි රක්ෂණ මුදල් කඩිනමින් ඔවුන්ගේ ගිණුම්වලට බැර කර සහන සැලසීමට කටයුතු කරන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ